ගැමි නාටක
ගැමි නාටක සාම්ප්‍රදායික සන්නිවේදනය ට අයත් ප්‍රබල අංගයකි ගැමිනාටක. යම් රටකට් සමාජයකට ආවේණික වූ සංස්කෘතියතාංගයක් ලෙස ගැමි නාටක හඳුන්වා දිය හැකිය. ගැමි නාටක, ජන නාටක ලෙසට ද ව්‍යවහාර කරනු ලබයි. "අද දක්නට ලැබෙන තාත්වික හෝ විදග්ධ නාට්‍ය වලට දිගු ඉතිහාසයක් නොමැත" එසේ දිර්ඝ කාලීන ඉතිහාසයක් ඇත්තේ ජන නාටකවලටය. ගැමි නාටක තවදා කොතැනකදී කවුරුත් විසින් බිහිකරන ලද්දක් දැයි නිශ්චිතව කිට නොහැකිය. නමුත් ගැමි නාටක දිගු ඉතිහාසයක් සහිත නාට්‍ය සම්ප්රදායකි. ගැමි නාටක වූ කලී වචනාර්ථයෙන්ම ගැමියන් විසින් ගොඩනගනු ලැබූවකි. ඒවාට නිශ්චිත හිමිකාරිත්වයක් නොමැත. ගැමි නාටක වල සැබෑ හිමි හිමිකරුවා ලෙස සැලකෙන්නේ එම ගැමි නාටක අයත් සමාජයේ සාමාජිකයන් ය. ලාංකීය ගැමි නාටක කලාව පිළිබඳව අවධානය යොමු කිරිමේ දී ලංකාවට ආවේණිත සමාජ සංස්කෘතික ලක්ෂණ වලින් ආඪ්‍ය වූ ගැමි නාටක සම්ප්‍රදායන් පවතින්නේය. ප්‍රධාන වශයෙන් 1)සොකරි 2)කෝලම් 3)නාඩගම් වශයෙන් ගැමිනාටකයන් පවතී. ලාංකීය ගැමි නාටක කලාවේ ආරම්භයට මූලික පදනම වැටුණේ ලංකාවේ පවතින කොහොඹා කංකාරිය, දෙවොල් මඩුව, පහන්මඩුව, දහඅට සන්නිය, රිද්දියාගය ආදි ප්‍රධාන කොටගත්...