ගැමි නාටක

ගැමි නාටක 



  සාම්ප්‍රදායික සන්නිවේදනය ට අයත් ප්‍රබල අංගයකි ගැමිනාටක.

  යම් රටකට් සමාජයකට ආවේණික වූ සංස්කෘතියතාංගයක් ලෙස ගැමි නාටක හඳුන්වා දිය හැකිය. ගැමි නාටක, ජන නාටක ලෙසට ද ව්‍යවහාර කරනු ලබයි. "අද දක්නට ලැබෙන තාත්වික හෝ විදග්ධ නාට්‍ය වලට දිගු ඉතිහාසයක් නොමැත" එසේ දිර්ඝ කාලීන ඉතිහාසයක් ඇත්තේ ජන නාටකවලටය. ගැමි නාටක තවදා කොතැනකදී කවුරුත් විසින් බිහිකරන ලද්දක් දැයි නිශ්චිතව කිට නොහැකිය. නමුත් ගැමි නාටක දිගු ඉතිහාසයක් සහිත නාට්‍ය සම්ප්‍රදායකි. ගැමි නාටක වූ කලී වචනාර්ථයෙන්ම ගැමියන් විසින් ගොඩනගනු ලැබූවකි. ඒවාට නිශ්චිත හිමිකාරිත්වයක් නොමැත. ගැමි නාටක වල සැබෑ හිමි හිමිකරුවා ලෙස සැලකෙන්නේ එම ගැමි නාටක අයත් සමාජයේ සාමාජිකයන් ය. ලාංකීය ගැමි නාටක කලාව පිළිබඳව අවධානය යොමු කිරිමේ දී ලංකාවට ආවේණිත සමාජ සංස්කෘතික ලක්ෂණ වලින් ආඪ්‍ය වූ ගැමි නාටක සම්ප්‍රදායන් පවතින්නේය. ප්‍රධාන වශයෙන්


1)සොකරි

2)කෝලම්

3)නාඩගම්

  

වශයෙන් ගැමිනාටකයන් පවතී. ලාංකීය ගැමි නාටක කලාවේ ආරම්භයට මූලික පදනම වැටුණේ ලංකාවේ පවතින කොහොඹා කංකාරිය, දෙවොල් මඩුව, පහන්මඩුව, දහඅට සන්නිය, රිද්දියාගය ආදි ප්‍රධාන කොටගත් ගාත්තිකර්ම ඔස්සේ බව විද්වත් මතයයි. ඒවායේ පවතින අභිචාරාත්මක ලක්ෂණ ගැමි නාටක තුළ ද දක්නට ලැබේ. පවිත්‍රත්වය මුලිත කර ගැනීම මෙම ශාන්තිකර්ම වල මෙන්ම ගැමි නාධක තුළ ද පවතින සුවිශේෂී ලක්ෂණයකි. ත්‍රිවිධ රත්නය සරණ යාම. දෙවියන් නැමදිම පොදුවේ. සෑම ගැමි නාටකය ම පාහේ දැකිය හැකි සුවිශේෂී ලක්ෂණයන් ය. පූජාර්ථය මෙම ගැමි නාටක වල ප්‍රධාන අභිප්‍රාය වූයේ විනෝදාස්වාදයයි. සරල වූ ගැමි දිවියේ ක්‍රියාකාරිත්වය ඇසුරු කොට ගනිමින් ගැමි දිවියේ විවිධ අවස්ථාවන් ගැමි නාටක ඔස්සේ නිරූපණය කරයි. යොදා ගන්නා කතා පුවත් තුළින් පවා සමාජය වර්ග චරිතයා නියෝජනය කරනු ලබයි. ගැමි නාටක සමස්ත සමාජයටට්කට් යොමුකළ කැඩපතක් බඳුය. සමාජයේ සෑම ඉසව්වක්ම ස්පර්ශ කිරීමට අපූර්ව හැකියාවක් ගැමි නාටක වලට පවතින්නේය.

  ගැමි නාටක ඉතා සරල බවකින් යුක්තය. යොදා ගන්නා බස් වහර, ඇඳුම් පැළඳුම් මෙන් ම රාග භූමියෙන් පවා එකී සරල බව නිරූපණය වේ. මතුපිටින් නොගැඹුරු සරල බවක් විද්‍යාමාන වුවද අභ්‍යන්තරිකව පවතින්නේ ගැඹුරු බවකි. හුදු විනෝදාස්වාදය පරමාර්ථ කොට ගැනුණද එකී ගැමි නාටක තුළින් ලැබෙන්නේ යහපත් විනෝදාස්වාදයකි. හුදු විනෝදාස්වාදය යනු ආකෘතිය පමණක් නිර්මාණණාත්මක වී අන්තර්ගතය දුර්වල නිර්මාණ තුළින් ලැබෙන විනෝදාස්වාදයයි. යහපත් විනෝද විනෝදාස්වාදය යනු පළමුව අලංකාර ආකෘතියකින් චමත්කාරජනක හැඟීම ඇති කර, දෙවනුව හරවන් දැනුමක් මතවාදයක් නරඹන්නට ලබාදෙන නිර්මාණ තුළින් ලැබෙන විනෝදාස්වාදයයි. ගැමි නාටක තුළින් ලැබෙන්නේ ද හරවත් දැනුමක් මතවාදයක් කැටිකොට ගත් අලංකාර ආකෘතියක් සහිත වමත්කාරජනක හැඟීම් ඇති කරන විනෝදාස්වාදය කි. එනම් ආනන්දයෙන් යුතු ප්‍රඥාවක් ලබාදිමටේ ගැමි නාටක හරහා ඉඩ ප්‍රස්ථාව ලැබේ. ප්‍රාදේශීය වශයෙන් ගත්කල එකී ගැමි නාටකයන් අදාල “ප්‍රදේශයන්හි ප්‍රචලිතව පවතින ආවේණික තර්තන ශෛලීන් හා ඒ හා බැඳුණු ශාන්තිකර්ම යාතුකර්ම ආදිය සමඟ විවිධ පදනම් යටතේ සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බව පෙනේ. 

  කෘෂිකාර්මික දිවියක් ගත කළ පැරණි ගැමියා සිය විවේක කාල පරිච්ඡේදය තුළ යම් වින්දනයක් ලබා ගැනීමේ අරමුණ සහිතව ගැමිනාටක පෙන්වීමට සහ නැරඹීමට යොමුවිය. කමත රංග භූමිය කොට ගෙන ඇරඹි ගැමි නාටකය තානායම්පල (සබය) කරලිය වැනි රංගනය උදෙසාම සකස් කළ අවකාශයක් දක්වාම වර්ධනය කළේය. නාඩගාඩගම් සම්ප්‍රදායට පැමිණෙන කල විනෝදාස්වාදය උදෙසා බිහිකර ගැමි නාටකය වෘත්තියක් දක්වාම වර්ධනය විය. ගැමි නාටක ආශ්‍රිත පරම්පරා විසින් නාට්‍ය කලාව පවත්වාගෙන ආවෝය. යම් යම් හේතු සාධක මත වර්තමානය වන විට ගැමි නාටක කලාව ක්‍රමයෙන් පිරිහෙමින් පවතී. එනම් ගැමි නාටක කලාව තරමක් පසුගාමී තත්ත්වයකට පත්ව ඇත. ගැමි නාට්‍ය ආශ්‍රිත පරම්පරාවල වර්තමාන පුරුක් පවා එකී කලා මාධ්‍ය වලින් ඈත් වෙමින් පවතී. නමුත් ඇතැම් නිර්මාණ කරුවෝ එය එසේ වීමට ඉඩ නොදී ඒවා රැක ගැනීමට අපරිමිත වෙහෙසක් දරනු ලබන්නේය. විශේෂයෙන් නූතන නාට්‍ය නිර්මාණ සඳහා ගැමි නාටක ආභාෂය කොට ගනී. ඒ අතුරින් එදිරිවීර සරච්චන්ද්‍ර මහතා ප්‍රධාන වේ. නූතනයෙහි ඇතැම් නාට්‍ය කරුවෝ සිය නිර්මාණ සඳහා ගැමි නාටක වල ඇතැම් ලක්ෂණ උකහා ගන්නා ලදී. උදාහරණ ලෙස

 එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ සිංහබාහු, මනමේ, ලෝමහංස

 පුන්‍යසේන ගුණසිංහ මහතා ගේ දික්තල කාලගෝල

දයානන්ද ගුණවර්ධන මහතා ගේ නරි බෑණා

එස්.අයි.සමරක්කොඩි මහතා ගේ Love and Life (වෙස්මුහුණු භාවිතය)

  දේශීය ගැමි නාටක සම්ප්‍රදායන් මගින් නව නාට්‍ය නිර්මාණකරණයේ නියැලෙන තරුණ නාට්‍ය වේදීන් ට ලබා ගත හැකි ආභාෂය අපමණය. 


Comments

Popular posts from this blog

Contemporary Useage Of Media In Sri Lanka (Eng.)