සාහිත්‍ය යනු කුමක්ද

සාහිත්‍ය යනු කුමක්ද  (sin.)



  සන්නිවේදනය  ට අයත් ප්‍රමුඛ අංගයකි සාහිත්‍ය .

  සාහිත්‍ය යන්නට නිශ්චිත තනි නිර්වචනයක් ඉදිරිපත් කිරිමට නොහැකි නමුත් සාහිත්‍ය යන්න විවිධකාරයෙන් විග්‍රහ කොට ඇත. සාහිත්‍ය යන්නෙහි සරල අදහස සහිත බවයි. “සාහිත්‍ය සේවනය” නම් පොත රචනා පරමින් වැලිපිටිය සෝරත හිමි “සාහිත්‍ය ශබ්දය සහිත අර්ථය ලබා දෙන්නෙකි" ලෙස දක්වා ඇත. පාසල් අධ්‍යයනයේ සිං හල භාෂාව හා සමගාමීව යනු වචනයක් ලෙස සාහිත්‍ය යන්න හැඳින්විය හැකි අතර භාෂාව සම්බන්ධ විෂයන්වල දී එකී භාෂාවන්ට අදාළ සාහිත්‍යය පිළිබඳඩ · හැදෑරීමට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවස්ථාව උදාවෙයි. බටහිර සාහිත්‍යයට වඩා පෙරදිග සමාජය තුළ පුළුල් ලෙස සාහිත්‍ය පිළිබඳ සාකච්ඡා කරයි.

  සාහිත්‍ය ලිඛිත හා වාචික යන වචන හා භාෂාව භාවිතය මත පදනම් වූ කලාත්මක ප්‍රකාශනයකි, 18 වන සියවස සිට "සාහිත්‍ය" යන වචනය භාවිතා කරති. 19 වන සියවස වන විට දී ඊට නිශ්චිත අරුතක් ලබාදීමට නොහැකි වූ බව බටහිර සමාජයේ අදහසයි. "පණිවුඩයක් ලබා දීම සඳහා භාෂාවේ කාව්‍යමය ක්‍රියාකාරීත්වය සහ ලිවීමේ සෞන්දර්ය වෙන්කර හඳුනා ගැනීමට හැකිවිය. එමනිසා ලියා ඇති සැම දේම සාහිත්‍යය ලෙස නොසැලකෙන බව අපරදිග රටවල මතයයි" 

  සාහිත්‍යය යන්නට නිශ්චිත නිර්වචනයක් නැතත් සාහිත්‍ය යනු ප්‍රධාන ලෙසම කියවිය හැකි රසවිදිය හැකි දෙයක් බව සාහිත්‍ය ගැන උනන්දුවක් දක්වන්නන් සවිඥානකව මෙන්ම අවිඥානකව දන්නා කාරණයකි. නමුත් සාහිත්‍යයට අයත් නොවන්නේ කුමන අයුරක දේවල් ද යන්න හඳුනා ගැනීම තරමක අපහසු කාරණයකි. "සංහිත්‍ය යනු ප්‍රබන්ධයක් ඉදිරිපත් කිරිමේ අභිප්‍රායෙන් කෙරෙන පරිකල්පනීය ලියවිල්ලහ් ලෙස ද හඳුන්වා දිය හැකිය” ලිඛිත යමක් සාගරයක් ලෙස ගතහොත් සාහිත්‍ය යනු ඉන් එක් දිය දෝතක් බව විද්වත් මතයයි. "ඇන්සැෂියර් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඊගල්ටන්ට අනුව සාහිත්‍ය සාමාන්‍ය බැවහැරෙන බස භාවිතා පරිණාමනය අතර තියුණු කරයි.  සාහිත්‍යයේදී භාෂාව භාවිතා කරන සාමාන්‍ය ආසාරයට වඩා උසස්ය.

  බටහිර සමාජය තුළ සාහිත්‍ය යන්න හැඳින්වීමට literature යන වචනය භාවිතා කරයි. සාහිත්‍ය පිළිබඳ ඉදිරිපත්ව ඇති විවිධ නිර්වචන,


රටක හෝ සමාජයක ට අයත් යාස්ත්‍රීය හා නිර්මාණාත්මක පොත් සමූහය සාහිත්‍යයයි. 

සිංහල ශබ්දකෝෂය


සාහිත්‍ය යන්නට පරිපූර්ණ නිර්වචන දීමට සමත් නොවුණත් පුළුල් අර්ථයෙන් බලනවිට ලේඛනගත කළ සියලු දෑ මෙන්ම පරම්පරානුසාරයෙන් පැවත එන සංග්‍රහ සියල්ල සාහිත්‍ය නමින් හැඳින්විය හැකිය.


ඒ. වී. සුරවීර- සාහිත්‍ය සංග්‍රහය

 

සාහිත්‍ය යනු සාමාන්‍ය සහ මත ක්‍රියා කරන්නා වූ සංවිධානාත්මක ප්‍රචණ්ඩත්වයකි. එය එදිනෙදා දිවියෙන් හා සාකච්ඡා වලින් වෙනස් වන අයුරු විදහා දක්වයි.


රුසියානු ජාතික රෝනේ ජැකෝච්


 


  සාහිත්‍යයන් සිංහල වචනය නිර්මාණය වී ඇත්තේ Littera Leterate යන ලතින් වචනයෙනි. සාහිත්‍යය තුළ භාෂාව මුලික වෙයි. පුද්ගලයින් එකිනෙසා තමන්ගේ ආකෘතියට අනුව සාහිතත්‍යයන් හඳුනාගනී. සාහිත්‍යය තුළ භාෂාව මූලික වේ. සාහිත්‍ය යන්න සුදක් ලිඛිත වීම සාවද්‍ය වේ. ලේඛන ගත ද මෙන්ම චිත්‍රපට, නාට්‍ය වැනි ඒවා ද යම් ලෙසකට සාහිත්‍යය තුලට ඇතුළත් කර හැකි අතරම ප්‍රබන්ධ නොබන පර්යේෂණාත්මක නිබන්ධන ද අර්ධ නිර්මාණාත්මක ස්වභාවය අගයකිරීම් වන සාහිත්‍ය තුළණයට ආදා ගැනීමට හැකි අවස්ථා ද පවතී.

  සාහිත්‍යය නිර්මාණකරණයේ නියැලෙන්නා වූ පුද්ගලයා සාහිත කරුවා ලෙස හඳුන්වයි. ලොව පුරා විවිධ සාහිතෂ්කරුවන් සිටි, ඔවුහු තමන්ට ආවේණික වූ ක්‍රමවේද ඔස්සේ සාහිත්‍යකරණයේ නියැළෙහි ඒවා තුළින් ජනතාවට සාහිත්‍යය රස වින්දනයක් ජනිත කරවයි.  

Comments

Popular posts from this blog

Contemporary Useage Of Media In Sri Lanka (Eng.)