දහඅට සන්නිය හඳුනා හඳුනාගැනීම (sin.)



  සාම්ප්‍රදායික සන්නිවේදනය ට අයත් ප්‍රධාන අංගයකි ශාන්තිකර්ම. එකී ශාන්තිකර්ම වලට අයත් ප්‍රධාන ශාන්තිකර්මයකි දහ අට සන්නිය හෙවත් සන්නියකුම.

  අතීතයේ පටන් මිනිසා  වටා ඇති පරිසරය තුළ අද්භූත වූත් අසාමාන්‍ය වූත් මිනිසාට පාලනය කිරීමට නොහැකි ආදෘෂ්‍යමාන බලවේග ක්‍රියාත්මක වන බවට විශ්වාස කළේය. එම බලවේය මගින් ඇතිවන අයපත මගහරවා ගනිමින් සෙතක් ශාන්තියක් අරමුණු කොටගෙන එම බලවේය සතුටු කිරියම අරමුණු කර එම බලවේග වලට දේවත්වයක් ආරුඪ කොට විවිධ පුද පූජා යාග හෝම ආදිය පැවැත්වීය. එලෙස පවත්වන පුද පූජා , පූජා කර්ම ලෙස හඳුන්වයි.

  යහපත සුඛසෙන ළගා කර ගැනීමට මෙන්ම අයහපත් ඉවත්කර දීමට ද මෙම අභිචාර විධි පවත්වයි. පුද්ගල යහපත අරමුණ කරගෙන පවත්වන  අභිචාර විධි ශාන්තිකර්ම වශයෙක් හදුන්වයි.ලංකාවේ උඩරට ,පහතරට , සබරගමු ආදී වශයෙන් ප්‍රධාන ශාන්තිකර්ම සම්ප්‍රදායක් තුනත් පවතී. 

  පහතරට ශාක්තිකර්ම සම්ප්‍රදායට අයත් සුවිශේෂී ශාන්තිකර්මයකි දහ අට සන්නිය.  දකුණු ශ්‍රී ලංකාවට අයත් ප්‍රදේශවල  අනුව පවත්වයි. 

  මහා කෝළ සන්නි යකා ප්‍රධාන සන්නියකුන්  පුද ලබයි .දහ අට සන්නියේ ප්‍රධාන පරමාර්ථය වා, පිත් ,සෙම්, කිපීමෙන් වැලළදෙන ලෙඩ රෝග නිවාරණය කර ඇස්වහ කටවහ  ආදී දොස් දුරුකර ආතුරයාට සෙතක් පැතීමයි.

  මාතර ප්‍රදේශය තුළ මෙය පවත්වනු ලබන්නේ බිය වීම්, ඉදිමීම්, අංස ඉදිමීම් වැනි රෝග සඳහා වන අතර ඒවා සන්නි යකා විසින් ඇති කරන සන්නිරෝග ලෙස හඳුන්වයි. වැලිගම සම්ප්‍රදායට අනුව සන්නි යකා විසින් ඇති කරනු ලබන ඇග සීසල වීම්, බිබිලි ගෙඩි ඇග කැසීම්, උණ, වලිප්පුව ආදී රෝග පීඩා සුව කිරීමට පවත්වයි.


  මහා කෝළ සන්නි යකාගේ සිරිවර 18කි. එහි අවකර දහඅට සන්ති නම් වෙයි. සන්නි යනු රෝග විශේෂයන්‍ ය. “දේශීය වෛදද්‍ය ශාස්ත්‍රයේ දැක්වෙන මූලික සන්නි රෝග රගපෑමෙන් මුර්තිපේ කිරී සඳහා සන්නි යකාගේ අවතාර යොදාගෙන ඇත. වෙස් මුහුණු පැලඳ පැමිණෙන ඇදුරක් සභාවට සැමිණ ආතුර දොස  කැප ගෙන සෙත්පතා දොස් දුරැර යයි. 

  දකඅටසන්තිය වූ කලී නාට්‍යයමය ගුණයෙන් මෙන්ම විවිධත්වය රසභාව උද්දීපයනය අතින් පොහොසත් ශාන්තිකර්මයකි .

Comments

Popular posts from this blog

Contemporary Useage Of Media In Sri Lanka (Eng.)